Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

20th November 2018 22:46:35 Hours

සිවිල් වැසියන් වෙත නොමිලේ පොල් පැළ බෙදාදීමේ වැඩසටහනක් පැවැත්වීම

65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුමගේ උපදෙස් මත මුලංගාවිල් පල්ලයාරන්කඩ්ඩු ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පවුල් සඳහා ආර්ථික වටිනාකමකින් යුත් පොල් පැළ බෙදාදිමේ වැඩසටහනක් 2018.11.16 දින පවත්වන ලදි.

මෙහිදි සිවිල් වැසියන් 120 දෙනෙකු වෙත පොල් පැළ 240ක් ලබාදුන් අතර, පොල් ව්‍යාපෘතිය සඳහා පල්ලයාරන්කඩ්ඩු දොන් බොස්කෝ වෘත්තිය පුහුණු ආයතනය විසින් යුධ හමුදාව වෙත පොල් පැළ ලබාදෙන ලදි. මෙම උත්සව අවස්ථාව සඳහා 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම, බළසේනාධිපතිවරුන්. අණදෙන නිළධාරින් ඇතුළු අනෙකුත් නිළධාරින් සහ සෙසුනිලයින් සහභාගිවන ලදි.

651 වන බළසේනා මූලස්ථානයේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණයෙන් 651 බළසේනාව යටතේ රාජකාරි නියුතු 11 වන(සෙව්) ගජබා රෙජිමේන්තුව විසින් මෙම උත්සව කටයුතු සංවිධානයකරන ලදි.