Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

11th November 2018 16:40:52 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි නව ආඥාපති ධුරයේ රාජකාරි භාරගැනිම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ 12 වන නව ආඥාපති වශයෙන් මේජර් ජෙනරාල් ආර් ඒ නුගේරා ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු 2018.11.10 වන දින සිය ධූරයේ රාජකාරි නිළ වශයෙන් භාරගන්නා ලදි.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථාන ආඥාපති ලෙස පත්වීමට පෙර මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා 14 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි ඉටුකරන ලදි.

නව ආඥාපති වෙත යුධ හමුදා සම්ප්‍රදායානුකුලව 7 වන ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමන ලදි.

ආඥාපති තුමන් සිය කාර්යාලයේදි පොල්තෙල් පහන දල්වා සර්ව ආගමික වතාවත් වලින් අණතුරුව ලිපි ලේඛණ වලට අත්සන් තබමින් කාර්යාලයේදි නිළ වශයෙන් සිය ධුරයේ රාජකාරි භාරගත් අතර, රාජකාරි ආරම්භ කිරිම සනිටුහන් කිරිම සඳහා කාර්යාලය ඉදිරිපිට සුදු හදුන් පැළයක් රෝපණය කරන ලදි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ රාජකාරි නියුතු 57 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු බළසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිළධාරින්, සහ ජ්‍යෂ්ඨ නිළධාරින්/ නිළධාරින් සහ සෙසු නිළයින් සහභාගිවන ලදි.