Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

09th November 2018 15:08:46 Hours

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් ගංවතුරෙන් විපතට පත් වු ජනතාව වෙනුවෙන් තවදුරටත් සහන මෙහෙයුම් වල

මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමඟ අධික වර්ෂාපතනය හේතුවෙන් තිරුවියාරු ඩිපෝ හන්දියේ සිට ආනන්දපුරම් නැගෙනහිර ප්‍රදේශය ජලයෙන් යටවී තිබේ. කරච්චි ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිවාස 15 ක් සහ සාමාජිකයින් 16ක් ද, රත්නපුරම් ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ පවුල් 57 ක් සහ සාමාජිකයන් 300 ක් පමණ පීඩාවට පත්ව ඇත.

57 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්ෂණය යටතේ 7 වන ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් පීඩාවට පත් ජනතාව සඳහා ආහාර හා වෛද්‍ය පහසුකම් සැපයීම සඳහා පියවර ගෙන තිබේ.