Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

09th November 2018 15:05:32 Hours

යුධ හමුදාව විසින් කිලිනොච්චියේ කොස් පැළ රෝපණය කෙරේ

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ පාලනය වන 57, 65, සහ 66 සේනාංක භට පිරිස්හි දායකත්වයෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කොස් පැළ රෝපණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් 2018 නොවැම්බර් මස 07 දින ආරම්භ කරනු ලැබීය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරින් සහ සෙසු නිලයන් සමඟ කෝස් පැල 3827ක් රෝපණය කරන ලදි.

මෙම කොස් පැල ව්‍යාපෘතිය කිලිනොච්චි ප්‍රදේශයෙ අක්කර 10.000ක ප්‍රමාණයක රෝපණය කිරිමට අපේක්‍ෂා කරයි.

ඉදිරි නඩත්තු පෙදෙස කිලිනොච්චිය ආඥාපති, 57 සහ 66 වන සේනාංකාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිළයින් මෙම ව්‍යාපෘතිය සදහා සහභාගී විය.