Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

09th November 2018 15:03:02 Hours

කිලිනොච්චි බළප්‍රදේශයේ භඨපිරිස් විසින් ශ්‍රමදාන වැඩසටහන් සහ දීපාවලි පූජාවන් පැවැත්විම

ආරක්‍ෂක සේනා මුලස්ථාන කිලිනොච්චිය ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ සංකල්පයකට අනුව 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පේරුමගේ උපදෙස් මත 65 වන සේනාංක බළප්‍රදේයේ භඨ පිරිස් විසින් ශ්‍රමදාන වැඩසටහන් සහ දීපාවලී උත්සවයට සමගාමිව කෝවිල් පූජාවන් පවත්වන ලදි.

ඒ අනුව 653 වන බළසේනා මුලස්ථානය යටතේ රාජකාරි නියුතු 10 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භඨ පිරිස් 1 x 30 දෙනෙකුගේ සහභාගිත්වයෙන් කුලන්ද ජේසු දේවස්ථානය සහ අවට භුමි ප්‍රදේශය සුද්ධ පවිත්‍ර කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් 2018.11.03 වන දින සිදුකරනු ලැබු අතර, 651 බළසේනාව යටතේ රාජකාරි කරනු ලබන 11(සෙව්) ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් 1x30 දෙනෙකු සහභාගිත්වයෙන් පුල්ලියාරන්කඩ්ඩු සෝලේ නිලා පෙර පාසල් භූමිය සුද්ධ පවිත්‍ර කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් 2018.11.06 දින සිදුකරන ලදි.

තවද දීපාවලි උත්සවයට සමගාමිව 65 වන සේනාංකය යටතේ පාලනය වන 651 වන බළසේනා මුලස්ථානය සහ 652 වන බළසේනා මුලස්ථානය යටතේ රාජකාරි නියුතු 19 ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේනතුවේ භඨපිරිස් හා 11(සෙව්) ගජබ රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් වෙල්ලන්කුලම් හින්දු පුල්ලෙයර් කොවිලේදි සහ මුලන්කාවිල් පුල්ලෙයාර් හින්දු කෝවිලේදි පූජාවන් පවත්වන ලද අතර, 20 (සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් අමදිපුරම් අම්මාන් කෝවිලේදි පූජාවක් පවත්වන ලදි. මෙම දීපාවලි පුජා අවස්ථාවන් සඳහා භඨපිරිස් 75කට වැඩි පිරිසක් සහ සිවිල් වැසියන්ද සහභාගිවන ලදි.