Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

09th November 2018 01:41:50 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති සිය ධූරයෙන් සමුගනී

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි කර සිය ධූරයෙන් නික්මයන මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන වෙත එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රෙය් දී හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමිම 2018 නොවැම්බර් මස 06 වන දින සිදුකරනු ලැබිය.

නික්මයන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් වෙත 1 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර හමුදා සම්ප්‍රදායානුකුල සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමන ලදී.

මෙම උත්සවයේ දී නික්මයන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් සංකේතාත්මකව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ධජය සිය ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිත මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා වෙත භාරදෙනු ලැබීය. අනතුරුව, නික්මයන ආඥාපතිතුමන් සිය කාර්යාලයේ දී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය රාජකාරි අත්හරින ලදි.

මෙහිදි නික්මයන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් සමුගැනීමේ කථාව සිදු කරමින්, සිය නිල කාලය තුල දී සියලුම නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් ලබාදුන් නොමසුරු සහයෝගය සහ කැපවීම ප්‍රශංසාවට ලක් කල අතර අනාගතයේදී නව ආඥාපතිතුමන්ට ද සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.

මෙම අවස්ථාව සඳහා කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති, 57 හා 66 වන සේනාංකයේ සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ.