Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd November 2018 15:12:22 Hours

විදේශ ශිෂ්‍ය නිලධාරින් ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි සංචාරය

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක 12 යටතේ පාඨමාලාව හැදෑරු විදේශ ශිෂ්‍ය නිලධාරීන් 2018 ඔක්තෝබර් මස 31 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය කිලිනොච්චි සංචාරයක නිරත වූ අතර, යාපනයේ සිට කිලිනොච්චිය දක්වා ගමන් කිරිමේදි ඔවුන් තම පවුලේ සාමාජිකයින් සමග අලිමංකඩ හසලක ගාමිණි රණවිරු ස්මාරකය දැකබලා ගැනිම සදහා සහභාගිවිය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය කිලිනොච්චිය වෙත පැමිණි විදේශ ශිෂ්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් චන්න වීරසුරිය, බ්‍රිගේඩියර් පාලන භාකාස නිලධාරි කර්නල් සුනිල් පිංගමගේ විසින් පිළිගන්නා ලද අතර, 663 වන බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති කර්නල් ලසන්ත රොද්‍රිගෝ විසින් සංචාරක විදේශීය හමුදා නිලධාරින් ‘කිලිනොච්චි ප්‍රතිසංධාන ක්‍රියාවලිය සහ නැවත පදිංචි කිරීම’ පිළිබඳ ඉදිරිපත් කිරීමක් මගින් දැනුවත් කරන ලදි.