Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd November 2018 15:08:22 Hours

මාන්කුලම් කඨින පූජෝත්සව සඳහා යුද්ධ හමුදාවේ සහාය

මාන්කුලම් ශ්‍රි සුගත විහාරස්ථානයේ කඨින චීවර පූජාව සඳහා කිලිනොච්චි ආරක්‍ෂරක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 574 වන බලසේනාවෙහි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ඇතිව ඔක්තෝබර් 27 සහ 28 දිනයන්හි දී පවත්වනු ලැබීය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 574 වන බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නව විහාර මන්දිරය විවෘත කිරීමේ පිංකමට පෙර එම විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙනු ලැබීය.

නවතමයෙන් ඉදිකරනු ලැබූ විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවර්ණය කිරීම උත්සයයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ෂංක රණවන සහභාගි වූ අතර, එහිදී එතුමන් මහා සංඝරත්නය වෙත දැහැත් වට්ටියක් පිරිනමා 28 වනදා පහන් වන තුරු පරිත්‍රාන ධර්මදේශනාව සිදුකරන ලෙස ආරාධනය කරනු ලැබීය.

ශ්‍රි සුගත විහාරයේ විහාරාධිපති හිගුරන්කන්දේ ශ්‍රි සුගත ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ උපදෙස් මත 574 වන බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ අධීක්‍ෂණය යටතේ භට පිරිස් විසින් මහා සංඝරත්නය වෙත දානය පිළිගැන්වනු ලැබු අතර මෙම අවස්ථාව සඳහා සිවිල් වැසියන් 300 කට අධික ප්‍රමාණයක් සහභාගි වූහ.