Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

20th October 2018 16:35:03 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය කිලිනොච්චි බළප්‍රදේශයේ රාජකාරි නියුතු යුධ හමුදා සාමාජිකයින් හට මානසික ආතතිය හා සියදිවි හානිකර ගැනිම අවමකර ගැනිම පිලිබදව දැනුවත් කිරිමේ දේශණයක් පැවැත්විම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවය කරන සියළුම සේනාංක, බළසේනාංක සහ ඒකකයන් ආවර්ණය වන පරිදි මානසික ආතතිය හා සියදිවි හානිකර ගැනිම අවමකර ගැනිම පිළිබඳ යුද හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ දේශන මාලාවක් 2018 ඔක්තෝබර් මස 16 දින සිට 18 දින දක්වා පවත්වන ලදි.

මෙම මනෝවිද්‍යා දේශණය කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් නිශ්ශංක රණවනගේ මගපෙන්විම මත සංවිධානය කරනු ලැබිය.

යුද්ධ හමුදා මූලස්ථානයේ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් පැමිණි නිලධාරින් සහ පැවැත්වූ මෙම දේශනය සඳහා වැලිපිටිය, අකුරැස්ස සහ අම්බලන්තොට යන ප්‍රදේශයන්හි මනෝවිද්‍යා උපදේශකවරුන් සහභාගිවු අතර, ඒ සදහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු‍ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් 63 දෙනෙකු ඇතුළු සෙසු නිළයින් 1036 දෙනෙකු සහභාගි විය.