Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

20th October 2018 16:25:52 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන බැඩ්මින්ටන් සහ පැසිපන්දු තරගාවලිය

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් මත මෙම මුලස්ථාන ක්‍රිඩා පුහුණු සැලැස්මට අනුව ඉදිරි නඩත්තු පෙදෙස කිලිනොච්චිය අධික්ෂණයෙන් පවත්වනු ලැබු බැඩ්මින්ටන් සහ පැසිපන්දු තරගාවලියේ අවසාන මහා තරගාවලිය කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන බැඩ්මින්ටන් ගෘහස්ථ ක්‍රිඩාංගනයේදි සහ පැසිපන්දු ක්‍රිඩාංගනයේදි 2018 ඔක්තෝබර් මස 17 වන දින පවත්වන ලදි.

ඒ අනුව 9 වන ශ්‍රි ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව විසින් සංවිධානය කරනු පැසිපන්දු තරගාවලිය සදහා සහභාගිවු කණ්ඩායම් 13ක් අතුරින් සියළු කණ්ඩායම් පරදා 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව හා 19 වන ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුව අවසාන තරගාවලියට සුදුසුකම් ලැබු අතර, එහිදි 19 වන ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුව පරදා 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් ශුරතාවය හිමිකර ගන්නා ලදි.

තවද 7 වන ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් සංවිධානය කරනු ලැබු බැට්මිටන් තරගාවලියේ අවසාන මහා තරගාවලිය සදහා සහභාගිවු සියළුම කණඩායම් පරදා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන කණ්ඩායම සහ 21 වන ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුව අවසාන තරගය සදහා සුදුසුකම් ලැබු අතර, එහිදි 21 වන ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු කණ්ඩායම පරදා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන කණ්ඩායම ශුරතාවය හිමිකර ගන්නා ලදි.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවු අතර, ඉදිරි නඩත්තු පෙදෙස (කිලිනොච්චි) ආඥාපති, සේනාංකාධිපතිවරුන්, බළසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අනෙකුත් නිලධාරින්/ නිලධාරිණියන් ඇතුළු සෙසු නිලයන් විශාල පිරිසක් සහභාගී වූහ.