Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

20th October 2018 14:33:21 Hours

57 වන සේනාංකයේ සංවිධානයෙන් LTTE සංවිධානයේ සිට පුණරුත්තාපනය ලබපු අයවළුන් හට පරිඝණක පාඨමාලාවක් පැවැත්වීම

කිලිනොච්චි ආරක්‍ෂ සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරල් නිශ්ශංක රණවනගේ සංකල්පයක් මත 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රියගේ අධික්‍ෂණය අනුව යුධ සමයේදි LTTE සංවිධානයේ සේවයකර මේ වන විට විශ්වමඩු සිවිල් ආරක්‍ෂක දෙපාර්මේන්තුවේ සේවය නියුතු තෝරාගත් දමිළ වැසියන් 11 දෙනෙකු සදහා පරිඝණක පාඨමාලාවක් 2018 සැප්තැම්බර් මස 06 වන දින සිට 2018 ඔක්තෝබර් මස 12 වන දින දක්වා කිලිනොච්චි සහයෝගිතා කේන්ද්රයස්ථානයේදි පවත්වන ලදි.

එම පාඨමාලාව අවසානයේ සහතිකපත් ප්‍රධානෝත්සවය 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රියගේ සහ 571 වන බළසේනාංකයේ බළසේනාධිපතිගේ ප්‍රධානත්වයෙන් 2018.10.13 වන දින සිදුකරන ලදි.

මෙම අවස්ථාව සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සිවිල් ආරක්‍ෂක දෙපාර්මේන්තුවේ නියාමකවරුන් සහ සෙසු නිළයින් සහභාගි විය.