Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

15th September 2018 17:06:37 Hours

කිලිනොච්චි රැකියා විරහිත තරුණ තරුණියන් සදහා රැකියා අවස්ථා ලබාදිමේ සම්මුඛ පරික්‍ෂණ.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් හා මගපෙන්විම මත 57 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ අධික්‍ෂණය යටතේ කිලිනොච්චි ප්‍රදේශයේ ජිවත්වන දිලිදු පවුල්වල රැකියා විරහිත තරුණ තරුණියන් සදහා රැකියා ලබාදිමේ අරමුණින් මාස් හොල්ඩින් පුද්ගලික ආයතනය සමග සම්බන්ධතාවයෙන් යුතුව 2018.09.11 වන දින සම්මුඛ පරික්ෂාණයක් පවත්වන ලදි.

572 වන බළසේනා මුලස්ථානය, 6 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව සහ 14 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව යන ස්ථානයන්හි පැවැත්තු මෙම සම්මුඛ පරික්‍ෂණය සදහා රැකියා විරහිත තරුණයින් 98 දෙනෙකු සහ තරුණියන් 65 දෙනෙකු සහභාගිවු අතර, ඒ අනුව 118 දෙනෙකු රුකියා සදහා සුදුසුකම් ලැබු බැවින් ඔහුන් වෙත නුදුරේදි රුකියා අවස්ථා ලබාදිමට මාස් හොල්ඩින් පුද්ගලික ආයතනය විසින් ක්‍රියා කරනු ලබයි.