Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

15th September 2018 17:03:50 Hours

ප්‍රවාහන සංස්කරණ වැඩමුළුවක් පැවැත්විම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය බළප්‍රදේශයේ රාජකාරි නියුතු යුද්ධ හමුදා රියදුරන් අතින් සිදුවන රිය අණතුරු, මාර්ග නීති කඩකිරිම් වැනි ක්‍රියාකාරකම් අඩු කිරිම පෙරදැඩි කරගනිමින් තෙදිනක වැඩමුළුවක් පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති බැවින් එහි පළමුවන අධියර වශයෙන් 2018.09.12 වන දින මෙම මුල ශ්‍රවණාගාරයේදි ආරම්භ කරන ලදි.

ඒ අනුව ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ ස්ථාපිත ඉනපෙ(කිලි), සේමු, බසේමු, ඒකක, පුහුණු පාසල්හි ප්‍රවාහන අංශයට සම්බන්ධව රාජකාරි සිදුකරනු ලබන ප්‍රවාහන අංශ භාර නිලධාරින්, ජ්‍යෙකොනොනින්, රියදුරන්, සහ ලිපිකරුවන් හට මෙම වැඩමුළුව පවත්වනු ලබන බැවින් මෙහිදි අධියර තුනක් යටතේ පවත්වන වැඩමුළුව සඳහා භඨපිරිස් 442 දෙදෙනෙකු පමණ සහභාගි වේ.

වැඩමුළුවේ ආරම්භක දේශණය මෙම මුලස්ථාන මානි 1 (පාලන) ලුතිතන් කර්නල් අර්ජුන කොඩිප්පිලි විසින් පැවැත්වු අතර, ප්‍රවාහන සංස්කරණ වැඩමුළුවේ දේශකයන් වශයෙන් 7 ශ්‍රිලයුසේබ ඒකකයේ කෝප්‍රල් මුණසිංහ ටිබිබි, පොලිස් කොස්තාපල් යුඑන් නිශාන්ත - රථවාහන නීති අංශය කිලිනොච්චි පොලිසිය, 5 ශ්‍රිලයුපොහේබ මා/සැරයන් රත්නායක ආර්එම්සිඑම් විසින් සිදුකරන ලදි.