Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

28th August 2018 12:56:53 Hours

කිලිනොච්චි 653වන බලසේනාවේ භඨ පිරිස් විසින් කතෝලික දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරිමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් වලට අනුව 65 සේනංකයේ සේනාංකාධිපති බ්‍රි‍ගේඩියර් කේ ඒ ඩබිලිවි කුමාරප්පෙරගේ අධික්‍ෂණය යටතේ 653 බළසේනාව යටතේ රාජකාරි නියතු 21 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භඨපිරිස් විසින් යෝගපුරම් කතෝලික දේවස්ථාන භුමිය සුද්ධ පවිත්‍ර කිරිමේ වැඩසටහනක් 2018 අගෝස්තු මස 21 වන දින පවත්වන ලදි.

මෙහිදි 21 වන පාබල රෙජිමේන්තුවේ භඨපිරිස් 01X30 දෙදෙනෙකුගේ සහභගිත්වයෙන් යෝගපුරම් කතෝලික දේවස්ථාන භුමිය අවට සුද්ධ පවිත්‍ර කිරිමේ කටයුතු සිදු කරන ලදි.