Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

21st August 2018 20:35:01 Hours

65 වන සේනාංකයේ භඨ පිරිස් විසින් ප්‍රජා සත්කාර වැඩසටහනක් දියත් කරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධික්ෂකණය මත 651 බලසේනාව යටතේ රාජකාරි නියුතු 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් පූනගරි ප්‍රදේශයේ කරියාලනගපඩ්ඩුවාන් ඇල මාර්ගය සුද්ධ පවිත්‍ර කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් 2018 අගෝස්තු මස 14 වන දින පවත්වනු ලැබීය.

ඇල මාර්ගය සුද්ධ කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකු සහ සිවිල් වැසියන් 15 දෙනෙකුද සහභාගි විය.

මෙම ව්‍යාපෘතිය 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස්ගේ අධිකණය මත ක්‍රියාත්මක කරනු ලැබීය.