Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

09th July 2018 07:22:22 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය 9 වන සංවත්සරයට සමගාමිව සංගිත ප්‍රසංගයක් පැවැත්විම

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස්වලට අනුව මෙම මුලස්ථානයේ 9 වන සංවත්සරයට සමගාමිව කිලිනොච්චි බළප්‍ර‍දේශයේ රාජකාරි කරන සෙබළ/ සෙබළියන්ගේ මානසික මට්ටම ඉහල දැමීම හා ඔහුන්ගේ රසාස්වාදය වෙනුවෙන් සංගිත ප්‍රසංගයක් 2018 ජුලි මස 06 වන දින ආරක්ෂක සේනා මුලස්ථාන කිලිනොච්චි ක්‍රිඩාංගනයේදි පවත්වන ලදි.

මෙම සංගිත ප්‍රසංගයේ සමාරම්භක අවස්ථාව සඳහා ආරක්ෂක සේනා ආඥාපති සහභාගිවු අතර, දිවයිනේ ප්‍රසිද්ධ ගායක ගායිකාවන් සහ ඇරෝස්ටාර් වාදක මඩුල්ල විසින් සෙබළුන්ගේ රසාස්වාදය සදහා සංගිත ප්‍රසංගය පවත්වන ලදි.

එම අවස්තාව සදහා කලිනොච්චි බළප්‍රද්ශයේ රාජකාරි නියුතු භටපිරිස් 4000 සහභාගිවු අතර, 65 වන සේනාංකාධිපති, බළසේනාධිපති වරුන්, ඒකක අණදෙන නිළධාරි වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිළධාරින් ඇතුළු අනෙකුත් නිළධාරින්/ සෙසු නිළයින් එම අවස්ථාව සඳහා සහභාගි වන ලදි.