Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

30th June 2018 22:02:08 Hours

ආරක්ෂක සේනා මුලස්ථාන 9 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි.

ආරක්ෂක සේනා මුලස්ථාන කිලිනොච්චි 9 වන සංවත්සරයට සමගාමිව 2018.06.28 වන දින මෙම මුලස්ථාන පරිශ්‍රය තුලදි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ සහභාගිත්වයෙන් වැඩසටහන් රැසක් පවත්වන ලදි.

ප්‍රථමයෙන් මෙහිදි ආඥාපති වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කදවුරු සම්මාන මුරය 24 වන ගැමුණු හේවා රෙජිමේන්තුවේ සෙබලුන් විසින් පිරිනැමු අතර, සම්මාන ආචාර පෙළපාලි 3 වන ගජබා රෙජිමේන්තුවේ සෙබලුන් විසින් පිරිනමන ලදි.

9 වන සංවත්සරය සමරමින් ආරක්ෂක සේනා මුලස්ථාන කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ඇතුලු ජෙෂ්ඨ නිළධාරින් විසින් කඳවුරු පරිශ්‍රයේ පැළ රෝපණය කිරිම, සමුහ ඡායාරුපයක් සදහා පෙනි සිටිම, ආඥාපති විසින් භඨ පිරිස් ඇමතිම මෙදින සිදුකරන ලදි.

තවද සංවත්සරය සනිටුවහන් කරමින් රාත්‍රි භෝජන සංග්‍රහයක් කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරය තුලදි පැවැත්වු අතර, ඒ සදහා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ඇතුලු ජ්‍යෙෂඨ නිළධාරින්, නිළධාරින්, සෙසු නිලයින්, හා සිවිල් සේවකයින් සහභාගිවිය.