Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th June 2018 22:14:48 Hours

කිලිනොච්චි භට පිරිස් ජීවන තත්ත්වය නගාසිටුවීම හා මානසික ඒකාග්‍රතාවය පිළිබඳ දැනුවත් කෙරේ.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පිරිස්ගේ අධීක්ෂණය යටතේ ජිවන තත්වය නගාසිටුවිම සහ මානසික ඒකාග්‍රතාවය පිළිබදව යුද හමුදා සාමාජිකයින් දැනුවත් කිරිමේ දේශණයක් කිලිනොච්චි නෙළුම්පියස ශ්‍රවණාගාරයේ දී 2018.06.22 වන දින පැවැත්විණි.

65 වන සේනාංකය විසින් සංවිධානය කරන ලද මෙම දේශනයේ දී ජීවන තත්ත්වය නගාසිටුවීම හා මානසික ඒකාග්‍රතාවය පවත්වාගැනීම යන මාතෘකාව පිළිබඳ මෙහිදි විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, දේශණය පැවැත්විම සදහා ජ්‍යෙෂඨ නායකත්ව, පෙළඹවීම් සහ පෞරුෂත්ව සංවර්ධන කථිකාචාර්ය උදය දේවමුල්ල මහතා විසින් මෙහෙයවනු ලැබීය.

තවද දේශණය සදහා කිළිනොච්චි බළප්‍රදේශයේ රාජකාරි නියුතු ජ්‍යෙෂඨ නිළධාරින්, නිළධාරින් සහ සෙසු නිළයින් 1250 දෙනෙකු සහභාගිවන ලදි.