Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th June 2018 22:12:41 Hours

කිලිනොච්චි ‘සංහිඳියා පාපන්දු’ තරඟයේ ජයග්‍රහණය සීවපුරම් මධ්‍යම ක්‍රිඩා සමාජයට

57 වන සේනංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ සංකල්පයකට අනුව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සාමාජිකයින් හා සිවිල් වැසියන් අතර හොඳහිත, අවබෝධය සහ සහයෝගිතාව වර්ධනය කරමින් ‘සංහිඳියා පාපන්දු’ තරඟයක් 2018 ජුනි මස 21 වන දින කිලිනොච්චි සීවපුරම් ක්‍රිඩාංගනයේ දී පවත්වනු ලැබීය.

57 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ මඟපෙන්වීම මත 573 වන බලසේනාවේ භට පිරිස් විසින් සංවිධානය කල මෙම සුහද පාපන්දු තරඟාවලිය ‘සීවපුරම් මධ්‍යම’ පාපන්දු කණ්ඩායම සහ 1 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු පාපන්දු කණ්ඩායම අතර පැවැත්විණි.

කිලිනොච්චි සීවපුරම් ගම්මාන ක්‍රිඩාංගනයේ පැවැති මෙම තරඟයේ දී ආරක්ෂක හමුදා සාමාජිකයින්, සිවිල් වැසියන් මෙන්ම ක්‍රිඩාලෝලීන්ගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ 1 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ සීවපුරම් මධ්‍යම ක්‍රිඩා සමාජයේ පාපන්දු ක්‍රිඩකයින් අවසන්වටයේ දී තියුණු ලෙස තරඟ වැදුණි.