Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

25th June 2018 16:50:48 Hours

කිලිනොච්චි යුද්ධ හමුදා භඨපිරිස් විසින් ශ්‍රමදාන වැඩසටහන් සිදුකිරිම

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් පරිදි 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස්ගේ අධික්ෂ්ණය යටතේ 2018 ජුනි මස 16 සහ 19 යන දිනයන්හිදි එම සේනාංක බළප්‍රදේශය තුල ශ්‍රමදාන වැඩසටහන් පවත්වන ලදි.

මෙහිදි 652 බළසේනා මුලස්ථානය යටතේ පාලනය වන 1 වන ගජබා රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් 2018.06.16 වන දින කොඩ්ඩිකඩ්ඩියාර්කුලම් පාසල් අවට භුමිය ශුද්ධ පවිත්‍ර කිරිම හා 653 බළසේනා මුලස්ථානය යටතේ පාලනය වන 10 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් 2018.06.19 වන දින පාලිනගර් ක්‍රිඩාංගන භුමිය ශුද්ධ පවිත්‍ර කිරිමේ කටයුතු සිදුකරන ලදි.