Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

15th June 2018 15:03:45 Hours

කිලිනොච්චි හමුදාව ඉස්ලාම් බැතිමතුන් හා එක්ව “ඉෆ්තාර්“උත්සවය සමරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ සංකල්පයකට අනුව 2018 ඉස්ලාම් ජනතාව සමරනු ලබන රාමසාන් දිනය වෙනුවෙන් ජුනි මස 14 වන දින උපවාසය කලය අතහැරිම වෙනුවෙන් රාමසාන් උත්සවයක් කිළිනොච්චි සහයෝගිතා මධ්‍යස්ථානයේදි 2018.06.14 වන දින පස්වරුවේ පවත්වන ලදි.

සිවිල් වැසියන් හා යුද්ධ හමුදාව අතර සමගිය හා සංහිඳියාව වර්ධනය කිරිම අරමුණින් මෙම උත්සවය සංවිධානය කරන ලදි.

උත්සවය සදහා සහභාගීවු සියලූම දෙනාහට ඉෆ්තාර් උත්සවය යනු කුමක්ද යන්න ගැන මුස්ලිම් ආගමික නායකයකු විසින් කෙටි විස්තරයක් කල අතර, ඔහුන් හට රසවත් ආහාර වේලක් ලබා දෙන ලදී.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය කිලිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහභාගි වූ අතර, සියලු ආගම්වල පූජකවරුන්, 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, ඉදිරි නඩත්තු පෙදෙස කිලිනොච්චිය ආඥාපති ඉන්ද්‍රජිත් විද්‍යානන්ද , 66 වන සේනසාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් දිප්ති ජයතිලක, යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ කිලිනොච්චි බළ ප්‍රදේශයේ ජිවත්වන මුස්ලිම් වැසියන් 200 දෙනෙක් මෙම ඉස්ලාමීය සම්ප්‍රදායික උත්සවය සදහා සහභාගී විය.