Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

14th June 2018 21:24:26 Hours

ලෝක පරිසර දිනයදා කිලිනොච්චි පාසල් ලමුන් දැනුවත් කරයි.

ලෝක පරිසර දිනය සැමරිම වෙනුවෙන් කිලිනොච්චි යුද හමුදාව විසින් සංවිධානය කරනු ලැබු දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවක් කිලිනොච්චි දිස්ත්‍රික්ක මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර හිතකාමී ස්වේච්ඡා සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේදි 2018 ජූනි 05 වන දින පවත්වන ලදි.

එම දැනුවත් කිරිමේ වැඩසටහන සදහා පරිසර හිතකාමී ස්වේච්ඡා සාමාජිකයින් 30 දෙනෙකු සහභාගි වු අතර, ඔහුන් විසින් පරිසරයට මිනිසාගෙන් වන හානිය සහ එම හානිය මඟහරවා ගනිමින් කටයුතු කරන ආකාරය පිළිබඳව සිසුන් ඇතුළු ගුරුවරුන් දැනුවත් කරන ලදි.

තවද කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ සිට කිළිනොච්චි නගරය දක්වා පුවරු හා බැනර් තබා ගනිමින් සිසු දරු දැරියන් සමඟ පා ගමනක් පැවැත්වු අතර, මෙම වැඩසටහන සඳහා 250 කට වැඩි පිරිසක් සහභාගී වුහ.

මේ අතර කිළිනොච්චියේ රාජකාරි නියුතු සෙබලුන් විසින් ශ්‍රමදාන වැඩමුළු කීපයක් පැවැත්වු අතර එහිදි කිලිනොච්චි නගරය සහ ඒ9 මාර්ගය දෙපස පිරිසිදු කිරීම් සිදුකරන ලදි. මේ සඳහා සෙබලුන් 300 ක ප්‍රමාණයක් සහභාගී විය.