Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th May 2018 18:26:53 Hours

2018 නව නිපැයුම් ප්‍රදර්ශණය - ආරක්‍ෂක සේනා මුලස්ථනය කිලිනොච්චි

2018 නව නිපැයුම් ප්‍රදර්ශණය කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ අධීක්‍ෂණයෙන් 65 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලැබු කිලිනොච්චි බළප්‍රදේශයේ රජකාරි නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නව නිර්මාණ එලිදැක්විම තුලින් ඔහුන්ගේ සැගවුණු දක්ෂතාවයන් හදුනාගෙන එම දක්ෂතාවයන් වර්ධනය කිරිමේ අරමුණින් යුතුව නව නිපැයුම් ප්‍රදර්ශණය 2018.05.28 වන දින නෙළුම්පියස ශ්‍රවණාගාරයේදි පවත්වන ලදි.

මෙම ප්‍රදර්ශණය සදහා ආරක්‍ෂක සේනා කිලිනොච් බළප්‍රදේශයේ ස්ථාපි 57,65 සහ 66 වන සේනාංකයන් සහ ඉදිරි නඩත්තු පෙදස කිලිනොච්චි ඇතුළු ඒකකයන් වෙතින් නිර්මාණ කරුවන් 38 දෙනෙකු සිය නිර්මාණයන් ඉදිරිපත් කරන ලද අතර, එම ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කර තිබෙන නිර්මාණයන් අතරින් හොදම නිර්මණය තේරිමේ ප්‍රධාන විනිශ්චයවරුන් වශයෙන් ශ්‍රි ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ සාමාජික ජ්‍යෙෂ්ඨ කථිකාචර්යවරුන් වන යාපනය විශ්ව විද්යාලයේ රසායන විද්‍යා අංශයේ ආචාර්ය ඉයන්ගරන් මහතා සහ පරිඝණක විද්‍යා අංශයේ ආචාර්ය සෂිහේෂ් මහතා හා කර්නල් එස්ඩි උදයසේන ආර්එස්පි ශ්‍රිලපාහ කර්නල් තාක්ෂාණික අංශ ප්‍රධානි සහභාගි වන ලදි.

නව නිපැයුම් ප්‍රදර්ශණය සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහභාගි වු අතර මෙම අවස්ථාව සඳහා 57 වන සේනාංකයේ සේනාංකධිපති, 65 වන සේනාංකයේ සේනාංකාධිපති, ඉදිරි නඩත්තු පෙදස කිළිනොච්චි ආඥාපති, 66 වන සේනාංකයේ සේනාංකාධිපති සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ අනෙකුත් නිළධාරින් ඇතුළු සියළු ආරාධිත අමුත්තන් රාජය නිළධාරින් කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් ළමුන් හා ගුරුවරුන් උත්සව අවස්ථාවට සදහා සහභාගි වන ලදි.

2018 නව නිපැයුම් ප්‍රදර්ශණය සඳහා ඉදිරිපත්වුන තරග කරුවන් 38 දෙනා අතරින් හොඳම නිර්මාණය වශයෙන් 4 වන සිංහ රෙජිමේන්තුවට අයත් සෙ/368320 කොප්‍රල් පොන්සේකා ජිසිසිආර් ආර්එස්පි කොනොනි විසින් ලේසර් ලඹයක් නිර්මාණයකර ප්‍රථම ස්ථානය හිමිකර ගත් අතර, දෙවන ස්ථානය 16(සෙව්) ශ්‍රිලපාහ රෙජිමේන්තුවට අයත් සෙ/16ඩි00294 කෝප්‍රල් නුවන් කුමාර ඩබිලිව්වි කොනොනි විසින් විද්‍යුත් කොළ පෙට්ටිය නිර්මාණයකර දෙවන ස්ථානය ලබාගත් අතර, තෙවන ස්ථානය ලෙස සනිපාරක්ෂක ප්‍රතිකර්ම යන්ත්‍රය නිර්මාණය කර 6 (සෙව්) ශ්‍රිලයුකාබ ඒකකයට අයත් සෙ/6ආර්00326 ලාන්ස් කෝප්‍රල් නිශාන්ති ජේසිඅයි කොනොනි විසින් හිමිකර ගන්නා ලදි.

මෙහිදි ත්‍යාග ප්‍රධාන උත්සවය සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහ සේනාංකාධිපති තුමන්ලා සහභාගිවු අතර, සියළුම තරගකරුවන්හට සහතිකපත් ප්‍රධානයකල අතර, ජයග්‍රකයින් තිදෙනාහට සහතිකපත් සහ වවුචර්පත් බෙදාදෙන ලදි.