Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

26th April 2018 18:53:20 Hours

65 වන සේනාංකය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරයි

උතුරෙ ජනතාව හා යුධ හමුදා සාමාජිකයන් අතර සමගිය,සහජිවනය හා සංහිදියාව ඇති කිරිමේ අරමුණින් යුතුව 65 වන සේනාංකය හා බළසේනාංක සහ ඒකකයන් විසින් සංවිධානය කරණු ලැබු සිංහල හා දෙමල අළුත් අවුරුදු උළෙල මුලංගාවිල් විනයාගර් මහජන ක්‍රිඩාංගනයේදි සිවිල් වැසියන්ගේ රැසකගේ සහභාගිත්වයෙන් 2018.04.21 වන දින පවත්වන ලදි.

මෙම අවුරුදු උළෙල සිංහල හා දෙමල සම්ප්‍රදායික ජන ක්‍රිඩා වලින් සමන්විත වු අතර සියලු දෙනාගේ විනෝදාස්වාදය සදහා සංගිත ප්‍රසංගයක්ද පවත්වන ලදි.

65 වන සේනාංකයේ සේනාංකාධිපතිප මේජර් ජෙනරාල් කුමාර පිරිස් ගේ ආරාධනාවකට අනුව මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහභාගිවිය.

තවද මෙම අවුරුදු උළෙල උසස් අන්දමින් පැවැත්විම සදහා 652 සහ 653 බළසේනාංකයන්හි පුර්ණ සහයෝගිත්වය ඇතිව 651 බළ සේනාංකය විසින් සංවිධානය කරන ලදි.

මෙම උත්සව අවස්ථාව සදහා රාජ්‍ය නිළධාරින් , යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින්, සෙසු නිළයින් ඇතුලු ප්‍රදේශයේ සිවිල් වැසියන් රැසක් එක්ව සිටියහ.