Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th March 2018 13:57:05 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ නවීකරණය කරනු ලැබු කොනොනි සමාජ ශාලාව විවෘත කිරිම

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේහි නවීකරණය කරනු ලැබු කොනොනි සමාජ ශාලාව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ සුරතින්2018.03.28 වන දින විවෘත කරනු ලැබිය.

දීර්ඝකාලිනව අඩුපාඩුවක්ව පැවති මෙම කොනොනි සමාජ ශාලාව නවිකරණය කිරිමේ කටයුතු ආඥාපතිගේ උපදෙස් අනුව සිදුකරනු ලැබිය.

ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භඨ පිරිස් හා ආක්ෂක සේනා මුලස්ථානයේ රාජකාරි කරනු ලබන භඨ පිරිස් විසින් ඉතා කෙටි කාලයක් තුළදි මෙම ව්‍යාපෘතිය සම්පුරනයෙන්ම නිම කිරිම සදහා දායක විය.

එම ගොඩනැගිල්ල විවෘත කරනු ලැබු අවස්ථාවේ දි කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් එම අවස්ථාව සිහිවිම පිණිස අඔ පැලයක්ද සිටුවන ලැබිය.

නවිකරණය කරන ලද කොනොනි සමාජ ශාලාව රුපවාහිනි නැරබුමි ස්ථානය, ආපනශාලාව, සුවපහසු ආසන සහිතව ඔහුන්ගේ ප්‍රයොජනය සදහා ලබාදුන් අතර, එම අවස්ථාවේදි කොනොනින් විසින් ආඥාපතිතුමන් ඇතුලු පැමින සිටි ජ්‍යෙෂ්ඨ නිළධාරින් සදහා තේ පැන් සංග්‍රහයක්ද පිරිනමන ලදි.