Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd March 2018 17:02:22 Hours

57 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ 11 වන සේනාංකාධිපතිවරයා ලෙස මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය 2018 පෙබරවාරි මස දින මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ සිය ධුරයේ රාජකාරි අරඹන ලදි.

57 වන සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් වෙත 3 වන ගජබා රෙජිමේන්තු භඨ පිරිස් විසින් සේනාංක මුලස්ථාන දොරටුව අභියසදි හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

නව සේනාංකාධිපතිවරයා වශයෙන් පත්වු මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිය කාර්යාලයේ දී නිල ලියකියවිලි සඳහා අත්සන් තබන ලදී. අනතුරුව 57 වන සේනාංක මුලස්ථානයේ සියළුම නිලයින් අමතමින් ඉදිරි රාජකාරි සාර්ථකව ඉටුකිරිම සඳහා සියළු නිලයින්ගේ සහයෝගය අපේක්ෂා කරන බවත් 57 වන සේනාංක මුලස්ථානය තුල විනය හොදින් පවත්වාගත යුතු බවත් සිය දේශණයේදී සඳහන් කරන ලදී. තවද, එම අවස්ථාව සිහිපත් වීම සඳහා සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ පැලයක් ද රෝපණය කරන ලදී.

අනතුරුව සියළු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්වු අතර 57 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් හා ඒකකයන්හි අණදෙන නිලධාරින් මෙම අවස්ථාව සඳහා සහභාගි වුහ.