Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

24th February 2018 21:30:04 Hours

යුද්ධ හමුදා නිළධාරි/සෙනින් වෙත දිරිමත් කිරිමේ දේශණයක්

එවරස්ට් කඳු තරණය සිදුකල ප්‍රථම ආසියාතික කාන්තාව බවට පත්වෙමින් වාර්ථාවක් පිහටුවා ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ජයන්ති කුරුඋතුම්පාල මෙනවිය සහ ජොහාන් පීරිස් යන අයවළුන් විසින් දිරිමත් කිරිමේ දේශණයක් මෙම ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි අධීක්ෂණය යටතේ 2018.02.23 වන දින පවත්වන ලදි.

විෂයගත දේශණය ආසේමු (කිලි) ශ්‍රවණාගාරයේ දි නිළධාරින් 250 දෙනෙකු සඳහා 2018.02.23 වන දින පෙ:ව 1000 පැයේ සිට 1100 පැය දක්වා පැවත්වු අතර, සෙසු නිළයින් සඳහා කිලිනොච්චි ඉරණමඩු නෙළුම්පියස ශ්‍රවණාගාරයේදි 1130 පැයේ සිට 1230 පැය දක්වා පැවත්වු අතර මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා භඨපිරිස් 670 ක පමණ ප්‍රමාණයක් සහභාගි වන ලදි.

මෙම දේශණය සඳහා පැමිණි ජයන්ති කුරුඋතුම්පාල මෙනවිය සහ ජොහාන් පීරිස් මහතා හට ආසේමු (කිලි) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ජගත් රත්නායක ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් විසින් සමරු තිලිනයක් ප්‍රධානය කල අතර,ශිර්ෂ ගත දේශණය සඳහා ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ මෙම මුලස්ථාන හා යටතේ පාලනය වන ඒකකවල අණදෙන නිළධාරින්/නිළධාරිණියන් ඇතුළු සියළුම නිළධාරින් සහභාගිවන ලදි.