Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd February 2018 18:33:37 Hours

661 බළසේනාවේ තවත් සමාජ සත්කාරයක්

මන්නාරම සිට යාපනය දක්වා ධාවනයවු ලොරි රථයක් ඒ 32 මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේ දි 2018.02.19 වන දින පෙ:ව 0745 ට පමණ පෙරලිගොස් ඇති අතර, 661 බළසේනාවේ සෙබළුන් විසින් මෙම ලොරි රථයේ රියදුරු ඉවතට ගෙන එහි තිබු බඩුභාහිරාදිය වෙනත් ලොරි රථයකට පැටවිම සඳහා ශ්‍රමදායකත්වය ලබාදි ඇත.

ලොරිරථයේ රියදුරු 64 හැවිරිදි ඩබ්ලි ජේ නිහාල් මීගමුව ප්‍රදේශයේ වන අතර, ලොරියේ හිමිකරු මිගමුව ප්‍රදේශයේ එස් සඳහම් නැමති අයකු වන අතර, එම ලොරි රථ හිමියා විසින් 661 බළසේනාවේ බළසේනාධිපති තුමා ඇතුළු සෙබළුන් වෙත ස්තුතිය ප්‍රකාශ කරන ලදි.