Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

18th February 2018 23:19:21 Hours

යුද්ධ හමුදාව විසින් කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් ළමුන්300 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදාමේ අවස්ථාවක්

ආරක්ෂක සේනා මුලස්ථානය කිළිනොච්චි ආඥාපති මේජර් ජෙනරල් අජිත් කාරියකරවන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයකට අනුව කොළඔ ප්‍රධාන මහජන බැංකුවේ බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් කිළනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පවුල්වල සිටින පාසල් ලමුන්300 දෙනෙකු සඳහා පාසල් උපකරණ ‍බෙදාදෙන ලදි.

මෙම ප්‍රථිලාභි පාසල් ළමුන් 300 දෙනා වෙනුවෙන් කිලනොච්චි ගුරු හාඩ්වෙයාර් ආයතනයේ ප්‍රධානි සහ කිලිනොච්චි මහජන බැංකුවේ කළමණාකරු විසින් සිසු උදාන බැංකු ගිණුම් ආරම්භකර බැංකු පොත් ලබාදෙන ලදි.

මෙම උත්සව අවස්ථාව සඳහා ආරක්ෂක සේනා මුලස්ථාන කිළනොච්චි ආඥාපති මේජර් ජෙනරල් අජිත් කාරියකරවන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් සහභාගි වු අතර, 66 සේනාංකාධිපති මේජර් ජෙනරල් සරත් විරසේකර ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්,කොළඔ ප්‍රධාන මහජන බැංකුවේ ප්‍රීති කොලොන්නගේ - බෞද්ධ සංගමයේ ලේඛම්, බළසේනාධිපති තුමන්ලා,පූජක තුමන්ලා සහ මහජන බැංකුවේ ලහිරු සේනාරත්න - බෞද්ධ සංගමයේ භාණ්ඩාගාරික, ප්‍රවීන් මහේෂ - කමිටු සාමාජික, රුවන් සම්පත් කළුබොවිල - කමිටු සාමාජික, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ දෙමාවිපියන් ඇතුළු පාසල් ළමුන් සහභාගිවන ලදි.