Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

09th August 2019 14:27:54 Hours

‘පාද යාත්‍රා’ වන්දනාකරුවන්ට ප්‍රණිත ආහාර පාන ලබාදෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 2019 අගෝස්තු මස 04 සහ 05 යන දෙදින තුළ කිලිනොච්චි ප්‍රදේශයට පැමිණි ‘පාද යාත්‍රා’ වන්දනාවට සහභාගි වූ බැතිමතුන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 11 වන ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ඉකුත් 2019 අගෝස්තු මස 04 වන දින මුලන්කාවිල් මාතා දේවස්ථානය වෙත සපැමිණි එම බැතිමතුන් වෙත ආහාරපාන ලබාදෙනු ලැබීය.

තවද, 2019 අගෝස්තු මස 05 වන දින මඩු පල්ලිය දෙසට ගමන් කරමින් සිටි බැතිමතුන්ට 651 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඔවුන්ගේ ගමනේ වෙහෙස නිවාගැනීම සඳහා පාලියාරු පාලම අසලදී පානීය ජලය ලබාදුන්හ.