Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

31st August 2018 16:10:07 Hours

‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ පිළිබඳ කිලිනොච්චි භට පිරිස් දැනුවත් කෙරේ

යුද හමුදා සෙබලුන්ගේ සෞඛ්‍ය තත්වය නංවාලීම උදෙසා ක්‍රියාත්මක කරනු ලබන ‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් ලෙස ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ අධික්‍ෂණය යටතේ කිලිනොච්චි බළප්‍රදේශයේ රාජකාරි නියුතු යුද හමුදා සාමාජිකයින් හට ‘බෝ නොවන රෝග’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශණයක් 4 වන වෛද්‍ය බළකායේ වෛද්‍ය මේජර් සිරිල් කුලතුංග විසින් නිළධාරින් සහ සෙසු නිළයින් දැනුවත් කිරිමේ වැඩසටහනක් 2018 අගෝස්තු මස 29 වන දින කිලිනොච්චි නෙළුම්පියස ශ්‍රවණාගාරයේදි පවත්වනු ලැබීය.

දේශණය සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන බළප්‍රදේශයේ රාජකාරි නියුතු බළසේනාධිපතිවරුන් සහ අණදෙන නිළධාරින් ඇතුළු නිළධාරින් 100 දෙනෙකු සහ සෙසු නිලයින් 1100 ක් සහභාගි වූහ.