Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th July 2018 16:58:15 Hours

‘නිරෝගීමත් ලෝකය තුළ යහපත් ජීවිතයක්’ පිළිබදව කිලිනොච්චි භට පිරිස් දැනුවත් කිරිමේ දේශණය.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් මත ‘හරිත දේශයක් තුළින් නිරෝගීමත් ලෝකය තුළ යහපත් ජීවිතයක් පිළිබඳව භට පිරිස් දැනුවත් කිරිමේ දේශණයක් 2018 ජුලි මස 20 වන දින කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ශ්රදවනාගාරය තුලදි පවත්වනු ලැබීය.

මෙහිදී භට පිරිස් සදාචාර විරෝධි ආහාර වෙළද දැන්වීම්, ඊ අංක, පරිසර හිතකාමී සංරක්‍ෂණ ක්‍රම සහ පරිසරය ආරක්ෂා කර ගනිමින් නීරෝගීමත් ජීවන රටාවක් පවත්වාගෙන යාම පිළබඳව ද දැනුවත් කරන ලදි.

පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානයෙහි සභාපතිනි කාංචනා වීරකෝන මහත්මිය විසින් මෙම දේශණය පවත්වනු ලැබීය.

එම අවස්ථාව සඳහා ඉදිරි නඩත්තු ප්‍රදෙශ කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් විද්‍යානන්ද ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, සෙසු නිළයින් සහභාගිවන ලදි.