Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

12th September 2018 21:55:49 Hours

‘TRANSITION JUSTICE AND IT’S GLOBAL IMPACT’පිළිබදව කිළිනොච්චි යුද හමුදා නිළධාරින් දැනුවත් කිරිමේ වැඩමුළුවක් පැවැත්විම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ අධික්‍ෂණය යටතේ ‘TRANSITION JUSTICE AND IT’S GLOBAL IMPACT’යන මාතෘකාව යටතේ කිළිනොච්චි බළප්‍රදේශයේ රාජකාරි නියුතු යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ නිළධාරින් දැනුවත් කිරිමේ එක් දින වැඩමුළුවක් ආරක්‍ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරය තුලදි 2018 සැප්තැම්බර් මස 08 වන දින පවත්වන ලදී.

මෙම දැනුවත් කිරිමේ වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිළධාරින් 100 දෙනෙකු සහභාගි වු අතර, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ වෛද්‍ය දයානි සුමිත්‍රා පනාගොඩ මහත්මිය සහ අයින්කරන් ගුගදාසන් මහතා විසින් දේශණ මෙහෙය වන ලදී.