Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

14th July 2018 23:19:37 Hours

හසලක කෝප්‍රල් ගාමිණි කුලරත්න රණවිරුවාගේ 27 වැනි ගුණ සැමරුම අලිමංකඩදි

1991 ජුලි 13 වෙනිදා අලිමංකඩ ඉදිරි ආරක්‍ෂක වළල්ල කඩා යුධ හමුදා කඳවුර දෙසට පැමිණි ත්‍රස්ථවාදින්ගේ බුල්ඩෝසරයට හසලක කෝප්‍රල් ගාමිණි වයි ජි පි ඩබ්ලිවි රණවිරුවා විසින් බෝම්බ සහිතව පැනිමෙන් බුල්ඩෝසරය විනාශ වු අතර, එම නිර්භීත ක්‍රයාව හේතුවෙන් අලිමංකඩ කඳවුරේ රාජකාරි නියුතු අනෙකුත් සහෝදර සෙබළුන්ගේ ජිවිත දහස් ගණනක් බේරාගැනිමට හැකිවිය.

එබැවින් හසලක කෝප්‍රල් ගාමිණි කුලරත්න වයි ජි පි ඩබ්ලිවි අභිත රණවිරුවාගේ 27 වැනි ගුණානුස්මරන උත්සවය ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ මගපෙන්වීම යටතේ 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලකගේ අධික්ෂණය මත 662 බළසේනාධිපති කර්නල් චම්පික රණසිංහ විසින් මෙම රණවිරු ගුණ සැමරුම් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කරන ලදි.

අලිමංකඩ ස්ථාපිත හසලක කෝප්‍රල් ගාමිණි කුලරත්න ස්මාරකය අභියසදි 2018.07.13 දින මහා සංඝ රත්නය 20 නමක් වැඩම කරවා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක්ද පවත්වා පසුදා උදෑසන හීල් දානය සහ පිරිකර පූජාකිරිමෙන් පසුව 2018.07.14 වන දින පස්වරුවේ ගුණ සැමරුම් උත්සවය සඳහා පැමිණි සියළු දෙනා හසලක ගාමිණි කුලරත්න පිළිරුව අභයසදි අභීත රණවිරුවාගේ ආත්මයට සෙත්පතා පුෂ්පෝපහාර දක්වා ගුණානුස්මරණ උත්සවය පවත්වන ලදි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහභාගිවු අතර, සේනාංකාධිපති වරුන්, ඉදිරි නඩත්තු පෙදෙස (කිලිනොච්චි) ආඥාපති, බළසේනාධිපති වරුන් ජ්‍යෙෂ්ඨ නිළධාරින්/ නිළධාරින් සහ ඒකක අණදෙන නිළධාරින් ඇතුළු සෙසුනිළයින් රණවිරු ගුණ සැමරුම් උත්සව අවස්ථාවට සහභාගි වන ලදි.

තවද අභීත රණවිරුවාගේ මෑණියන්වු එස් ජි ජුලියට් මාතාව ඇතුළු සහෝදර සහෝදරියන් සහ ඥාතින්ද ගුණසැමරුමට සහභාගි විය.