Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd December 2019 12:12:29 Hours

සිවිල් වැසියන්ට පැල බෙදා දීම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 573 වන බළසේනාව සහ 1 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව විසින් සංවිධානය කල පැල බෙදා දීමේ වැඩසටහනක් 2019 නොවැම්බර් මස 23 වන දින පවත්වන ලදී. මෙහිදී සිවිල් වැසියන් 250 දෙනෙකු සදහා කොස් පැල 1500 ක් බෙදා දුන් අතර, මෙම අවස්ථාව සදහා 573 වන බළසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, 1වන සිංහ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි සහභාගි වන ලදි.