Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

31st July 2019 21:28:49 Hours

සිවිල් වැසියන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට යුද්ධ හමුදා සාමාජිකයින් සහයෝගය දක්වයි

57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස්. හේවාවිතාරණ ගේ මඟපෙන්වීම මත 572 සහ 573 වන බලසේනා බලප්‍රදේශයන්හි අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථික තත්ත්වයන් නඟා සිටුවීමේ අරමුණින් පසුගිය ඉරිදා (21) දින කුකුළු පැටවුන් බෙදාදීමේ වැඩසටහනක් දියත් කරනු ලැබීය.

බටහිර විශ්නමඩු සහ පිරමන්තලාරු ග්‍රාම නිලධාරි වසම්වල අඩු ආදායම්ලාභී පවුල් 16 ක් සඳහා කුකුළු පැටවුන් 160 ක් බෙදාදෙනු ලැබීය. එසේම, 573 වන බලසේනා බලප්‍රදේශයේ පරන්තන්, පුලියන්පොක්කනෙයි සහ මාවඩිඅම්මාන් ග්‍රාම නිලධාරි වසම්වල අඩු ආදායම්ලාභී පවුල් 10 ක් සඳහා කුකුළු පැටවුන් 100 ක් සහ එම පැටවුන් රඳවා තබාගැනීමට කුකුල් කූඩු 10 ක් බෙදාදෙන ලදි.

මෙම වැඩසටහන ‘හාට් බීට්’ (Heart Beat) පදනමේ අනුග්‍රහය යටතේ පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති, 573 වන බලසේනාවේ බලසේනාධිපති, 57 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, ඒකක අණදෙන නිලධාරින් ඇතුළු ‘හාට් බීට්’ ( Heart Beat ) පදනමේ සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.