Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th May 2019 13:52:12 Hours

සියදිවි හානිකරගැනීමෙන් වැළකීම’ පිළිබඳ කිලිනොච්චි භටපිරිස් දැනුවත් කෙරේ

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිවිපි එන්ඩියු අයිජි ගේ මූලිකත්වයෙන් ‘සියදිවි හානිකරගැනීමෙන් වැළකීම’ පිළිබඳ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය, කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස සහ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලු සේනාංක මූලස්ථානයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ දේශන සැසියක් පසුගිය 2019.05.07 වන දින සිට 09 දින දක්වා පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ දේශකයින් ඇතුළු අනෙකුත් දේශකයින් විසින් පවත්වනු ලැබු මෙම දේශන සැසිය සඳහා නිලධාරීන් 24 ක් සහ සෙසුනිලයින් 591 දෙනෙකු සහභාගි වූහ.