Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd December 2019 10:58:42 Hours

සාමාන්‍ය පෙළ ශිෂ්‍යයින් සඳහා සම්මන්ත්‍රණ සංවිධානය කිරීම -2019

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ සංකල්පයක් මත 2019 වර්ෂයේ අපොස, සාපෙල විභාහගය සදහා ඉදිරිපත් වන ළමුන් සදහා සම්මන්ත්‍රණ මාලාවක් 571, 572, 573, 574 වන බළසේනා මුලස්ථාන මගින් සංවිධානය කරන ලදී. එහිදී 571 සහ 574 වන බළසේනා මුලස්ථානය මගින් 2019 නොවැම්බර් මස 07 වන දින නෙළුම්පියස ශ්‍රවණාගාරයේදී සම්මන්ත්‍රණයක් පැවැත්වූ අතර, එම සම්මන්ත්‍රණය සදහා සිසු සිසුවියන් 105 දෙනෙකු පමණ සහභාගී වූහ. තවද 572 වන බළසේනා මුලස්ථානය විසින් පාසල් සිසු සිසුවියන් 167 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පිරමන්තල්ආරු සහ ධර්මපුරම් මහා විද්‍යාලයන්හිදී සම්මන්ත්‍රණ 02ක් පවත්වන ලදී. ඊට සමගාමීව 573 වන බළසේනා මුලස්ථානය මගින් 2019 නොවැම්බර් මස 09 වන දින නව ජීවනම් මෙතෝදිස්ත පල්ලියේ සහයෝගයෙන් කිලිනොච්චිය පහසුකම් මධ්‍යස්ථානයේදී පැවැත්වූ අතර, එම සම්මන්ත්‍රණය සදහා සිසු සිසුවියන් 100 දෙනෙකු සහභාගී විය. තවද සම්න්ත්‍රණයේදී ඉංග්‍රීසි, ගණිතය, විද්‍යව, නැටුම් සහ ඉතිහාසය වැනි ඉතා වැදගත් විෂයන් පිලිබද සාකච්ඡා සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන ලදී. මෙහිදී සංවිධායකයින් විසින් විෂයන් ආවරණය වන පරිදි අත් පත්ත්‍රිකා බෙදා දුන්හ. මීට අමතරව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් දිවා ආහාරය සහ ප්‍රවාහනය ලබා දෙන ලදී. කිලිනොච්චිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සහය ඇතිව මෙම සම්මන්ත්‍රනය අධීක්‍ෂණය කරන ලද අතර, මෙම අවස්ථාවන් සදහා බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් සහභාගීවන ලදි.