Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th October 2020 09:38:54 Hours

සහයෝගිතා ක්‍රිකටි තරගාවලියක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ප්‍රදේශයේ පදිංචි තරුණ තරුණියන් අතර සහජිවනය සහ ක්‍රිඩාශ්‍රිලිත්වය ශක්තිමත් කිරිමේ අරමුණින් ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ එන්ඩිසි අයිජිගේ සංකල්පයකට අනුව 57 වන සේනාංකය සහ 572 බළසේනාවේ උපදෙස් පරිදි 6 වන සිංහ රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද සැහැල්ලු පන්දු ක්‍රිකටි තරගාවලියක් 2020 සැප්තැම්බර් මස 12 වන දින ආරම්භ කරන ලදි. මෙම තරගාවලියේ අවසන් මහා තරගය 2020 සැප්තැම්බර් මස 27 වන දින විශ්වමඩු පාසල් ක්‍රිඩාංගනයේදි පැවැත්වු අතර මෙම තරගාවලිය සදහා යුද්ධ හමුදා කණ්ඩායම් 3 ක් ඇතුළුව කණ්ඩාම් 25 ක් සහභාගිවිය.

ක්‍රිඩා සමාජ 25 ක් අතුරින් විනයාගර් ක්‍රිඩා සමාජය සහ ධර්මපුරම් ක්‍රිඩා සමාජය අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර අවසන් මහා තරගයේදි ධර්මපුරම් ක්‍රිඩා සමාජය විසින් විනයාගර් ක්‍රිඩා සමාජය පරාජය කරමින් අභියෝගතා කුසලානය දිනා ගත්තේය. මෙම අවස්ථාව සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති, 57 වන සේනාංකයේ සේනාංකාධිපති, 65 වන සේනාංකයේ සේනාංකාධිපති, 572 බළසේනාවේ බළසේනාධිපති, ඇතුලු ජ්‍යෙෂ්ථ නිළධාරින්, නිළධාරින්, භඨපිරිස් සහ සිවිල් වැසියන් සහභාගිවිය.