Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd July 2019 12:35:27 Hours

සංගිත සංද්‍යාවක් 57 වන සේනාංකයේ සංවිධානයෙන් පවත්වයි

57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ එස් හේවාවිතාරන ආර්එස්පි යුඑස්පි එන්ඩිසි අයිජි ගේ මගපෙන්විම මත 571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස් ඒ එන් ඩි එදිරිසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි ගේ අධික්‍ෂණයෙන් 7 වන ශ්‍රි ලංකා පාබල හමුදාව සහ 9 වන විජයභාහු පාබල රෙජි‍මේන්තුවේ භට පිරිස්ගේ සංවිධානයෙන් 2019 ජුනි මස 23 වන දින 1730 පැයේ සිට 2200 පැය දක්වා සුනඛ සංදර්ශනයක්, සංගීත ප්‍රසංගයක්, ගිනිකෙළි සංදර්ශනයක් සහ සරඔ සංදර්ශනයක් පරවිපන්ජායි ක්‍රිඩාංගනයේදි පැවැත්වු අතර, මෙම වැඩසටහනේ අරමුණ වුයේ ප්‍රදේශයේ මහජනතාව සහ යුද හමුදා සාමාජිකයින් අතර සංහිඳියාව වැඩි දියුණු කිරීමයි.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ කේ 9 ඒකකය විසින් සුනඛ සංදර්ශණයක්ද, ඉංජිනේරු බලකායේ තුර්ය වාදක කණ්ඩායම් විසින් සරඔ සංදර්ශණයක්ද, 9 වන විජයභාහු පාබල රෙජිමේන්තුව විසින් ගිණිකෙලි සංදර්ශණයක් සහ 7 වන ශ්‍රි ලංකා පාබල හමුදාව විසින් සංගිත ප්‍රසංගයක් පැවැත්විය .මේ සදහා සිවිල් වැසියන් 1000ක් පමණ සහභාගි වන ලදි.