Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd January 2020 12:07:26 Hours

ශ්‍රී ලංකා හමුදා භටයින් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද මෙතෝදිස්ත දේවස්ථානයේ නවජිවනම් සභාවේ ‘අරුලම්මා’ ළමා සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරිම.

දිළිඳු ළමුන් සඳහා වු ශ්‍රී ලංකාවේ මෙතෝදිස්ත පල්ලියේ අනුග්‍රහය යටතේ පුණ්‍යායතනයක් ලෙස 1955 දී ආරම්භ කරන ලද ‘අරුලම්මා ළමා සංවර්ධන මධ්‍යස්ථානය’ දිගුකාලීන සිවිල් යුද්ධය හේතුවෙන් හානියට පත්විය. හානියට පත්විමෙන් පසු නැවත සම්පූරණයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද ප්‍රධාන ළමා සංවර්ධන මධ්‍යස්ථාන ශාලාව ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය භඨ පිරිස්විසින්2019දෙසැම්බර්16 වන දින මුරසමුඩෙයි මෙතෝදිස්ත දේවස්ථානයේදි විවෘත කරන ලදී.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි අඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය ඩබ්ඩබ්වි ආර්ඩබ්පි එන්ඩියු අයිජී. ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මුලිකත්වයෙන් නවජිවනම් සභාවේ කාර්‍යමණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකානු මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ මූල්‍ය ආධාර ඇතිව අරම්භ කරන ලදි.

සමාරම්භක උත්සවයේදි . ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ පූජ්‍ය අසිරි පී පෙරේරා රදගුරු තුමාන් විසින් ආගමික වත්පිළිවෙත් පැවැත්වීය. ශ්‍රී ලංකානු මහජන චීන සමූහාණ්ඩුවේ නියෝජ්‍ය ආරක්‍ෂක රාජතාන්ත්‍රික නිලධාරි කර්නල් චැං ක්වාන්ජින් විසින් සමරු ඵලකය නිරාවරණය කරන ලදී, තවද 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී පී එස් ද සිල්වා ආර්එස්පී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.

එම ළමා සංවර්ධන මාධ්‍යස්ථානයෙහි පුහුණුව ලබන සිසු සිසුවියන් විසින් විවිධත් ප්‍රසංගයක් උත්සව සභාවෙදි පත්වන ලද අතර ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි අඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය ඩබ්ඩබ්වි ආර්ඩබ්පි ඒන්ඩියු අයි.ජී. විසින් පරිඝණක කට්ටල, ලිපි ද්‍රව්‍ය සහ පාසල් උපකරණ ඉගනුම ලබන සිසු සිසුවියන් හට බෙදා දෙන ලදි. මෙතෝදිස්ත දේවස්ථානයේ රදගුරු පූජ්‍ය අරුන් පුෂ්පරාජ් විසින් ඉදිකිරීම් සඳහා වෙහෙස මහන්සි වී සේවය කළ හමුදා නිලධාරීන්ගේ සේවය ඇගයිම වස් සමරුපළක කිහිපයක් උත්සව අවස්ථාවෙදි ලබා දෙන ලදී.

මෙම අවස්ථාව සදහා උතුරු හා නැගෙනහිර මෙතෝදිස්ත සභාවේ සභාපති ගරු ටෙරන්ස් සිල්වෙස්ටර් රදගුරු තුමාන් ඇතුලුව හිටපු පළාත් සභා අමාත්‍ය කුරුකුලාරසා මහතා සහ 573 වන බළසේනාවේ බළසේනාධිපති කර්නල් යූ.එල්.ජේ.එස්. පෙරේරා ආර්එස්පී යූඑස්පී පීඑස්සී සමගින් 57 වන සේනාංකයේ සියලුම ‌බළසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ් හමුදා නිලධාරීන්, සිසු සිසුවියන් හා දෙමව්පියන් බොහෝ දෙනෙක් සහභාගී වූහ.