Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

27th August 2020 00:56:55 Hours

වීරෝධාර කෝප්‍රල් ගාමිණී කුලරත්න 29 වැනි ගුණ සැමරුම් උලෙළ අභිමානයෙන් සමරයි

1991 ජුලි 14 වන දින අලිමංකඩ කඳවුරට සතුරු බුල්ඩෝසරයක් පැමිනීම වැළැක්වීම සඳහා උත්තරීතර ජීවිතය පූජාව කළ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේහි අභාවප්‍රාප්ත හසලක කෝප්‍රල් ගාමිණී කුලරත්න නැමැති අභිත රණවිරුවාගේ 29 වන ගුණ සැමරුම, 2020 ජුලි මස 14 වන දිනට යෙදී තිබුනද දැනට රටේ පවතින COVID 19 වසංගත තත්වය හේතුවෙන් එදිනට පැවැත්වීමට නොහැකි විය. එසේ වුවද දැනට COVID 19 වසංගත තත්වය රටින් කෙමෙන් තුරන්වී යාමත් සමගින් අමතක නොකල හැකි රණවිරුවකුගේ ගුණ සැමරුම් උලෙළ 2020 අගෝස්තු 24 වන දින අලිමංකඩ කඳවුර තිබූ ස්ථානයේ ස්ථාපනය කර ඇති හසලක ගාමිණී කුලරත්න රණවිරුවාගේ ස්මාරකයේ දී සමරනු ලැබීය.

මෙම ගුණ සැමරුම් උලෙළ 662 වන බලසේනාව විසින් සංවිධානය කල අතර, 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ කොඩිතුවක් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ 662 වන බලසේනාධිපති පීආර් පතිරවිතාණ පීඑස්සී ඇතුළු බලප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/ නිලධාරීන් ඇතුළු සෙසු නිලයින් සහභාගී වූහ.

ගුණ සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේඑන්එස් කොටුවේගොඩ එන්ඩීසී අයිජී සහභාගී වූ අතර, එහිදී ආඥාපතිතුමන් ඇතුළු සහභාගීවූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්විය.