Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

10th September 2020 14:30:56 Hours

විදේශිය ශිෂ්‍ය නිලධාරින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කිලිනොච්චි සංචාරයක නිරත වෙයි

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 14 යටතේ පුහුණුව ලබන විදේශිය හමුදා නිලධාරින් සහ ඔවුගේ පවුල්වල සාමාජිකයින් 2020 අගෝස්තු මස 29 සහ 31 යන දෙදින පුරා ආරක්‍ෂක සේනා මූලස්ථානය කිළිනොචිචි බල ප්‍රෙද්ශයේ සංචාරයක නිරත විය. 9 වන ශ්‍රි ලංකා සංඥා බළකායේ අණදෙන නිළධාරි ලුතිතන් කර්නල් බිමල් ජයශාන්ත යුඑස්පි විසින් පැමිණි ශිෂ්‍ය නිළධාරින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් උණුසුම් ලෙස පිලිගනු ලැබිය. ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ එන්ඩිසි අයිජිගේ උපදෙස් පරිදි නෙළුම් පියස ශ්‍රවණාගාරයේදි ඔවුන් හට තේ පැන් සංග්‍රහයක් ලබා දෙන ලදී.

2020 අගෝස්තු මස 31 වන දින යාපනයේ සිට නැවත පැමිණෙන අවස්ථාවේ අලිමංකඩ පිහිටි කෝප්‍රල් හසලක ගාමිණි කුලරත්න රණවිරුවාගේ ස්මාරකය අභියස දී ඔවුන් හට ස්මාරකය පිලිබදව හැදින්වීක් 1 වන සිංහ රෙජිමේන්තුවේ මේජර් තරංග මඩවල විසින් පැවැත්වීමෙන් පසු ඔවුන් ස්මාරකය වෙත ආචාරද දක්වන ලදී.