Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th October 2019 16:37:10 Hours

වාර්ෂික මළල ක්‍රිඩා තරගාවලිය 2019 අවසන් වේ

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන 2019 වාර්ෂික මළල ක්‍රීඩා තරගාවලිය 2019 ඔක්තෝබර් මස 20 වන දින සහ 21 දින කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාල භූමියේදී පැවැත්වු අතර, කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ඇති බලඇණි සහ ප්‍රදේශයේ පාසල් කණ්ඩායම් නියෝජනය කරන ගනිමින් පැවැත්විණි.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රියා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආරඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ මඟ පෙන්වීම යටතේ උත්සවය සංවිධානය කර පවත්වන ලදී.

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සැඟවුණු ක්‍රීඩා කුසලතාවන් හඳුනාගෙන ජාතික හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඔවුන් උසස් කිරීම මෙහි අරමුණ විය.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ රාජකාරි නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් 300 කට අධික සංඛ්‍යාවක් මෙම තරගාවලියට සහභාගී වූහ.

අවසන් දින කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවු අතර, දක්ෂතා දැක්වූ තරඟකරුවන්ට කුසලාන, සහතික සහ පදක්කම් ප්‍රදානය කරන ලදි. සමස්ත ශූරතාව 57 වන සේනාංක මුලස්ථානය හිමි කරගත් අතර, 65 වන සේනාංකය තරගාවලියේ අනුශූරතාව දිනා ගත්තේය.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, පූජ්‍ය පක්‍ෂය, ගුරුවරුන් සහ පාසල් ළමුන් අවසන් දින උත්සවය සදහා සහභාගි විය.