Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th May 2019 15:42:50 Hours

වත්මන් ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධයෙන් කිලිනොච්චි බැංකු නිලධාරීන් දැනුවත් කෙරේ

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිවිපි එන්ඩියු අයිජි ගේ උපදෙස් මත වත්මන් ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ බැංකු නිලධාරින් සමඟ සකච්ඡා කිරීමේ සුහද හමුවක් පසුගියදා පැවැත්විණි.

57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එ් එස් හේවවිතාරන ආර්එස්පි යුඑස්පි එන්ඩිසි අයිජි ගේ සහ 571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස් ඒ එන් ඩි එදිරිසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඒස්සි ගේ අධීක්ෂණය යටතේ 7 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීගේ සහයෝගය ඇතිව සංවිධානය කල මෙම සුහද හමුව සඳහා කිලිනොච්චි ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ නිලධාරීන් 24 දෙනෙකු සහභාගි වූහ.

මෙම සුහද හමුව සඳහා බැංකු ශාඛා දෙකේ නිලධාරීන්, 571 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී සහ 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී සහභාගි වූහ.