Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th June 2020 18:50:53 Hours

ලුතිතන් සිට කපිතන් දක්වා උසස්විමේ විභාගය සදහා පෙනි සිටින නිලධාරින් සදහා පාඨමාලාවක් පැවැත්විම - 2020

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ගේ උපදෙස් මත ලුතිතන් සිට කපිතන් දක්වා උසස්විමේ විභාගය සදහා පෙනි සිටින නිලධාරින් සදහා පාඨමාලාවක් 2020 ජුනි මස 01 වන දින සිට 10 වන දින දක්වා නෙළුම්පියස ශ්‍රවණාගාරයේදි පවත්වන ලදි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් ඩිඑම්එච්ඩි බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි සහභාගී වෙමින් ආරම්භක දේශනය පැවැත් වු අතර, පළමු දින දේශණය සදහා නිලධාරීන් 38 දෙනෙකු සහභාගී විය.