Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

08th July 2018 20:41:57 Hours

රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහ බළළත් නිළධාරින්වරුන් සදහා පාඨමාලාවක් පැවැත්විම

ආරක්ෂක සේනා මූලස්ථානය කිලිනොච්චි මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් මත පස් දින පුහුණු පාඨමාලාවක් රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහ බළළත් නිළධාරින්වරුන් 41 දෙනෙකු සහභාගිත්වයෙන් බළඇණි පුහුණු පාසල මුලන්කාවිල්හිදි 2018 ජූනි 28 වන දින සිට 2018 ජුලි මස 02 වන දින දක්වා පවත්වන ලදි.

මෙම වැඩසටහනෙහි ආරම්භක දේශනය 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස් විසින් සිදු කරන ලද අතර, පවත්වන ලද පුහුණුව වඩාත් කාර්යක්ෂමව සහ ප්‍රයෝගික දැනුම වැඩි දියුණු කිරීම අරමුණු කර ගෙන ඇත.

පාඨමාලාව අතරතුර යුද හමුදා නියෝග, ඇඳුම් පාලන විධිවිධාන, අනේකුත් ඇඳුම්, ආර්.එස්.එම් ආඥාපනතේ කාර්යභාරය සහ වගකීම, නායකත්වය, මානව කළමනාකරණය, නිලධාරීන් සහ අනෙකුත්ශ්‍රේණිගත කිරීම්, හමුදාවේ සංවිධානය, සිවිල් නීතිය සම්බන්ධ කිරීම, විනය සහ කාර්යන් සංවිධානය කිරීම, කරුණු උපයෝගි මෙම පඨමාලාව පවත්වන ලදි.