Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd July 2020 10:03:50 Hours

යෝගපුරම් පාසලේ ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වනු ලබයි

දිවයිනපුරා ක්‍රියාත්මකවන ඩෙංගු වැලැක්වීමේ වැඩසටහන් වලට සමගාමීව 17 (සෙව්) ශ්‍රි ලංකා පාබල හමුදාවේ භඨ පිරිස් විසින් 2020 ජූලෙි මස 04 වන දින යෝගපුරම් පාසල් පරිශ්‍රයේදී ඩෙංගු මර්ධන වැඩසටහනක් සිදුකරන ලදි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩීඑම්එච්ඩී බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ගේ උපදෙස් පරිදි ප්‍රදේශයේ ජනතාව ඩෙංගු රෝගයෙන් ආරක්‍ෂා කරගැනීම සඳහා මෙම වැඩසටහන 653 වන බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 02 x 15 භටපිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදි.