Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

14th June 2018 21:30:25 Hours

යුධ හමුදාවේ සංවිධානයෙන් කිලිනොච්චි ආබාධිත සිවිල් වැසියන් වෙත නොමිලේ කෘතිම පාද ලබාදිමේ අවස්ථාවක්

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ සංකල්පයකට අනුව (Centre for the Handicapped) ආයතනයේ කුණ්ඩසාලේ පූර්ණ අනුග්‍රහය මත කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල ජිවත්වන පාද අහිමි පුද්ගලයින් සඳහා කෘතිම පාද බෙදාදිමේ උත්සවයක් 2018.06.09 වන දින කිලිනොච්චි සහයෝගිතා මධ්‍යස්ථානයේදි සිදුකරන ලදි.

මෙහිදි ප්‍රථිලාභින් 28 දෙනෙකු වෙත නොමිලේ කෘතිම පාද ලබාදුන් අතර, ඒ සඳහා වැයකරන ලද මුළු මුදල රු: 1,200,000.00 වේ.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහභාගි වූ අතර 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දිප්ති ජයතිලක ,Centre for the Handicapped ආයතනයේ සභාපති එස් එස් අත්තනායක මහතා හා එම කාර්ය මණ්ඩලය, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින් සහ සිවිල් වැසියන් මෙම අවස්ථාවට සහභාගි වන ලදි.