Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

14th May 2021 15:57:41 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 64 ට වියළි සලාක මළු බෙදා දෙයි

කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස සහ ඒ යටතේ ස්ථාපිත භඨකාර්ය සම්පාදන ඒකකවල භටපිරිස් එක්ව 2021 අප්‍රේල් මස 11 වන දින කිලිනොච්චි ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 64 කට වියලි සලාක පාර්සල් පරිත්‍යාග කළහ.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ ගේ සංකල්පයකට අනුව කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති මේජර් ජෙනරාල් පියල් නානායක්කාරවසම් ගේ උපදෙස් මත ඒ යටතේ ස්ථාපිත භඨකාර්ය සම්පාදන ඒකකවල භටපිරිස්ගේ මුල්‍යම දායකත්වය ඇතිව මෙලෙස වියලි සලාක පාර්සල් බෙදාදීමේ උත්සවයක් සංවිධානය කරන ලදී.

විවිධ දුෂ්කරතා මධ්‍ය දිවිගෙවන පවුල් සඳහා සහනයක් ලබාදීම සහ ප්‍රදේශයේ ජනතාව හා යුද්ධ හමුදාව අතර සමගිය හා සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරිම මෙම ප්‍රජා සත්කාරක වැඩසටහනේ මූලික පරමාර්ථය වූ අතර, එම වියළි සලාක පාර්සල් ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් ලබාදීමට යුද්ධ හමුදා භටපිරිස් කටයුතු කළහ.

මෙම අවස්ථාව සඳහා කර්නල් සමන් සුමනසිංහ ඉදිරි නඩත්තු පෙදෙස 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී, 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරී, කිලිනොච්චි යුද්ධ හමුදා මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ අණදෙන නිලධාරී, 7 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමෙන්තුවේ අණදෙන නිලධාරී සහ 11 වන ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරී ඇතුළු පිරිස සහභාගී වූහ.